තොරතුරු දැනගැනීමේ පනත

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතෙහි 23(1) වගන්තිය යටතේ පත් කළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධරයන්ගේ සහ නම් කළ නිලධරයාගේ සම්බන්ධ වීමේ විස්තර එකී පනතෙහි 26(1) වගන්තිය ප්‍රකාරව මෙහි දැක්වේ.

නිවේදනයයි!

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත

ඉහත පනත යටතේ මෙම ආයතනයට අදාල තොරතුරු ලබා ගැනීම සඳහා පහත සඳහන් තොරතුරු නිළධාරියා වෙත RTI 01 දරණ අයදුම් පත්‍රය මගින් අයදුම් කළ හැකිය.මෙම අයදුම් පත්‍රය ඉදිරිපත් කිරීම අනිවාර්ය නොවේ.

තොරතුරු නිළධාරියා :-

R.M.K.C.Wijerathna,
Assistant Secretary(Admin),
Ministry of Agriculture,
Provincial Council Administration Building, 2nd Floor A, Contact telephone numbers: – 025 2278922
විද්‍යුත් තැපෑල :- rmkc.wijerathna@gmail.com

01. තොරතුරු ලබා ගැනීමට ලිඛිත RTI 01 අයදුම්පත්‍රය හෝ ලිපියක් හෝ වාචික ඉල්ලීමක් තොරතුරු නිලධාරියා වෙත ඉදිරිපත් කර එය ලැබුණු බවට ලිපියක් ලබාගන්න.

02. ඔබේ ඉල්ලීමට අදාල තොරතුරු සැපයිය හැකිද යන්න පිළිබඳව හැකි ඉක්මනින් ,කෙසේ වුවද දින 14 ක් තුළ දන්වනු ලැබේ.

03. ඉල්ලා සිටින ලද තොරතුරු ඔබට දීමට තීරණය කළ හොත් කොමිෂන් සභාව නියම කල ගාස්තුවක් ගෙවිය යුතු නම් එය ඔබට දන්වා එවනු ඇත.තොරතුරු ලබා ගැනීමට ගෙවීමක් කළ යුතු නම්,ඒ අනුව ගාස්තු ගෙවීම මත හෝ ගාස්තු ගෙවිය යුතු නොවේ නම් ගාස්තු රහිතව ඔබට දින 14 ක් තුළ තොරතුරු ලබා දෙනු ඇත.

04. ගාස්තු ගෙවීමෙන් පසු දින 14 ක් තුළ තොරතුරු ලබා දීම අපහසු වේ නම් තොරතුරු නිලධාරියා විසින් එකී කාලය දීර්ඝ කිරීමට අවශ්‍ය හේතු සඳහන් කරමින් දින 21 ට නොවැඩි අතිරේක කාලයක් තුල ඔබ ඉල්ලා සිටි තොරතුරු ඔබට ලබා දෙනු ඇත.

05. තොරතුරු ලබා ගැනීම සඳහා වන ඉල්ලීම යම් පුරවැසියෙකුගේ ජීවිතය සහ පුද්ගලික නිදහස සම්බන්ධයෙන් වන අවස්ථාවක ඉල්ලීම සඳහා ප්‍රතිචාර දැක්වීම ඉල්ලීම ලැබී පැය 48 ක් තුල සිදු කරනු ඇත.

06. තොරතුරු ලබා ගැනීම සඳහා කරන ලද ඉල්ලීමකට අදාලව,

  • තොරතුරු ඉල්ලීම සඳහා කරන ලද යම් ඉල්ලීමක් භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම.
  • පනතේ 5 වැනි වගන්තිය යටතේ ප්‍රදානය කිරීමෙන් මුක්ත කර ඇති තොරතුරු හේතුවෙන් යම් තොරතුරක් වෙත ප්‍රවේශ වීම සඳහා අවස්ථාව ලබා දීම ප්‍රතික්ෂේප කිරීම.
  • පනත මගින් නිශ්චිතවම දක්වා ඇති කාල සීමාවන්ට අනුකූල නොවීම.
  • සම්පූර්ණ නොවූ,නොමග යවන හෝ සාවද්‍ය තොරතුරු ප්‍රදානය කිරිම.
  • වැඩිපුර ගාස්තු අයකිරීම.
  • ඉල්ලා සිටිනු ලබන ආකෘතියෙන් තොරතුරු සැපයීමට තොරතුරු නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කිරීම.
  • එම තොරතුරු වෙත එම පුරවැසියා ප්‍රවේශ වීම වැලැක්වීම සඳහා එම තොරතුරු විකෘති කර,විනාශ කර හෝ අස්ථාන ගත කර ඇති බවට තොරතුරු ඉල්ලා සිටිනු ලබන පුරවැසියා හට සාධාරණ හේතු පැවතීම.

මත අතෘප්තියට පත්වන්නේ නම් පහත සඳහන් නම් කළ නිලධාරියා වෙත දින 14 ක් තුළ අභියාචනයක් ඉදිරිපත් කරන්න.

නම් කල නිළධාරියා :-

Subagini Mathiyalagan,
Secretary,
Ministry of Agriculture,
Provincial Council Administration Building, 2nd Floor A, North central Province, Anuradhapura
Contact telephone numbers: – 025 2222203
විද්‍යුත් තැපෑල :- subagininimathiyalagan@gmail.com  
 

si_LKSinhala