උතුරු මැද පළාතේ විසිතුරු මත්ස්‍ය වගාකරුවන් සදහා පුහුණු වැඩසටහන් පැවැත්වීම -2024

පළාත් කෘෂිකර්ම හා ධීවර කටයුතු අමාත්‍යංශය මගින් 2024 වර්ෂයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ පුහුණු වැඩසටහන්  මාලාවේ ප්‍රථම වැඩසටහන වන,විසිතුරු මත්ස්‍ය මූලික පුහුණු පාඨමාලාව,ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ රම්බඩගල්ල පුහුණු මධ්‍යස්ථානයේදී 2024.07.02,03 හා 04 යන දිනයන්හිදී, පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නවක විසිතුරු මත්ස්‍ය වගාකරුවන් සහභාගීත්වයෙන් ඉතා සාර්ථක ලෙස පැවැත්විණි.

මෙහිදී ,විසිතුරු මත්ස්‍ය වගාකරුවෙකු මූලික වශයෙන් අවබෝධ කර ගත යුතු පහත අංශ පිලිබද න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුවක් සහභාගී වූ ප්‍රතිලාභීන් වෙත ලබා දෙන ලදී.

  1. සිමෙන්ති හා මඩ පොකුණු කළමනාකරණය
  2. වගා බිම් කළමනාකරණය
  3. ජලයේ ගුණාත්මකතාව පවත්වාගෙන යාම
  4. මත්ස්‍ය ඝනත්වය
  5. මත්ස්‍ය රෝග හදුනා ගැනීම හා ඖෂධ
  6. විවිධ අවශ්‍ය රසායනික ද්‍රව්‍ය භාවිතය

මෙම වැඩසටහන් මාලාව උතුරු මැද පළාත් කෘෂිකර්ම අමාත්‍යංශ මූල්‍ය ප්‍රතිපාදන අනුග්‍රහය මගින් හා ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සම්පත් දායකත්වයෙන් සිදු කරනු ලබයි.

No comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *