කෘෂිකර්.ම අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම 2023.11.08


උතුරු මැද පළාත් ආණ්ඩුකාරවර මහීපාල හේරත් මහතාගේ හා උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා ගේ ප්‍රධානත්වයෙන් උතුරු මැද පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය, ඒ යටතේ ඇති දෙපාර්තමේන්තු වන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ ප්‍රගති සමාලෝචනය 2023.11.08 දින ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවණාගාරයේදී සිදුවිය. මෙහිදී එක් එක් විෂයට අදාල ප්‍රගතිය ඉදිරිපත් කල අතර කෘෂිකර්ම අමාත්‍යංශයේ ධීවර විෂයට අදාල ප්‍රගතිය අමාත්‍යංශ ලේකම් විජය වනසිංහ මහතා ඉදිරිපත් කරමින් කියා සිටියේ මේ වසරේ ආරම්භයේ සිට නව ක්‍රමවේදයකට පළාතේ වැව් හා ජලාශ සඳහා මත්ස්‍ය ඇගිල්ලන් මුදාහැරීම සිදුකල බවයි. මෙහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවර මහිපාල හේරත් මහතා කියා සිටියේ උතුරු මැද පළාතේ ජනතාවගේ ජන ජීවිතය හා බැඳුණු කෘෂිකර්මාන්තය දියුණු කිරීමේදී ගොවි ජනතාවගේ අවශ්‍යතාවයන් හදුනාගෙන කටයුතු කිරීම රාජ්‍ය නිළධාරී හැටියට ඔබගේ යුතුකම බවයි. මෙම ප්‍රගති සමාලෝචනය සඳහා ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර,ආණ්ඩුකාර ලේකමි සුදන්ත ඒකනායක, කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් විජය වනසිංහ, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්) දයාරතන, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ප්‍රියංජනි මාදන, සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෛද්‍ය කේ.එම්.යූ.එම් අමරසිංහ කෘෂිකර්ම අමාත්‍යංශයේ නියෝජ්‍ය ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ සෙනරත් පතිරණ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් සහභාගී විය.

No comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *