මෙහෙවර

“කෘෂිකර්ම,කෘෂි හා සත්ව නිෂ්පාදන ප්‍රවර්ධන හා අලෙවි සත්ව නිෂ්පාදන හා සත්ව සෞඛ්‍ය සහ ධිවර කටයුතු සියලු පාර්ශවකරුවන්ගේ මනා සහභාගිත්වයෙන් හා විනිවිදභාවයෙන් යුක්තව සංවර්ධනය කිරීම”

දැක්ම

“ඉසුරුත් භූමියක් අසිරිමත් ගොවි කැලක් “

වසන්ත කුමාර විමලසිරි මැතිතුමා

ගරු ආණ්ඩුකාරතුමා

ආර්.එම්.ඩබ්ලිව්.එස්.සමරදිවාකර

ප්‍රධාන ලේකම්තුමා

කේ.එම්.එච්.එස්.කේ.ජයලත් මයා

ලේකම්

ඩබ්.ඒ.සී.කේ.වික්‍රමසිංහ මයා

සහකාර ලේකම්(පාලන)

ආයතන හැදින්වීම

13 වන ආණ්ඩුක්රවම ව්‍යවස්ථාව ප්‍රකාරව 1987 අංක 47 දරණ පළාත් සභා පණත යටතේ බලය විමධ්‍යගත කිරීම පිණිස පිහිටුවනු ලැබු පළාත් සභා ක්‍රමය හරහා පළාත් සභාවට ලැබුණු විවිධ විෂයන් සම්බන්ධ ප්‍රතිපත්ති සම්පාදනය පිණිස අමාත්‍යංශය  පිහිටුවනු ලැබු අතර ප්‍රධාන වශයෙන් පළාත තුළ කෘෂිකාර්මික කටයුතු සඳහා ප්‍රතිපත්ති සම්පාදනය කිරීම වෙනුවෙන් මෙම අමාත්‍යංශය පිහිටුවා ඇත. ඒ අනුව උතුරු මැද පළා‍තේ ප්‍රජාවට අත්‍යවශ්‍ය සේවාවන් ලබාදීම සඳහා පළාතට ගැලපෙන සංවර්ධන කටයුතු අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරනු ලැබේ. කෘෂිකර්ම විෂයට අමතරව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය, ධීවර  යන විෂයන්ට අනුව මූලික මෙහෙයුම් හා අධීක්ෂණ ඒකකය ලෙසද අමාත්‍යංශය ක්‍රියාත්මක වේ. කෘෂි සංවර්ධන වැඩසටහන් ලෙස ප්‍රවර්ධන වශයෙන් කෘෂිකාර්මික නිෂ්පාදන හා ඵලදායීතාව වැඩිදියුණු කිරීම, කෘෂි කාර්මික නිෂ්පාදන අලෙවිය හා තාක්ෂණික සංවර්ධනය,කෘෂිකර්මය ආශ්‍රිත කර්මාන්ත වැඩිදියුණු කිරීම, කෘෂිකර්මය ආශ්‍රිත ආයතනවල කටයුතු ශක්තිමත් කිරීම යන ප්‍රධාන ක්ෂේත්‍ර ඔස්සේ සංවර්ධන වැඩසටහන් සැලසුම් කර ඇත. මේ සදහා රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන සංවිධාන හා අර්ධ රාජ්‍ය ආයතන වල සහයෝගය ලබා ගැනීමට කටයුතු යොදා ඇත.

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය විෂයට අදාලව උතුරු මැද පළාත තුළ පශු සම්පත් ක්ෂේත්‍ර යේ නිෂ්පාදනය හා ඵලදායිතාව මෙන්ම සත්ව සෞඛ්‍ය සංවර්ධනය, ආයතනික ධාරිතාව වැඩිදියුණු කිරීම යන ප්‍රධාන සංරචක ඔස්සේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වේ.

භාගත

ව්‍යාපෘති

තොරතුරු දැන ගැනීමේ නිලධාරි

ඩබ්.ඒ.සී.කේ.වික්‍රමසිංහ මයා

සහකාර ලේකම් (පාලන)

තොරතුරු දැන ගැනීමේ පනත ?

විශේෂ දැන්වීම්

ඔබේ අදහස අපට කියන්න

අවශ්‍ය දේ පමණක් ඇතුලත් කරන්න